අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවතා දමන ආකාරයටම අධි සුඛෝපභෝගී සේවාවද නවතා දමන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලා සිටීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
දෙසැම්බර් 31 වැනිදා වනවිට අර්ධ සුඛෝපභෝගී බස් රථසේවාව නවතා දැමීමට තීරණය කර තිබෙන බවත්, එදිනම අධි සුඛෝපභෝගී සේවාවද අවලංගු කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් මේ සතිය තුළ ඉල්ලීමක් කරන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මෙම බස්රථ සේවා දෙක තුළින්ම ජනතාවට අමුතුවෙන් කිසිවක් නොලැබෙන බවත්, එහෙත් අර්ධ සුඛෝපභෝගී සේවාව තුළින් මගීන්ගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එක හමාරක් සහ අධි සුඛෝපභෝගී සේවාව තුළින් සාමාන්‍ය ගාස්තුව මෙන් තුන් ගුණයක් අයකරගන්නා බවත් ඔහු පවසා සිටියේය.
මේ අනුව වායු සමනය කළ රථවල යෑමට අවශ්‍ය ජනතාවට වායු සමනය කළ, මගී ගාස්තුව මෙන් දෙගුණයක් අයකරන සේවාව පමණක් ප්‍රමාණවත් බවත්, අනෙක් මගීන්ට සාමාන්‍ය බස්රථ සේවාව ප්‍රමාණවත් බවත් ඒ මහතා සඳහන් කළේය.