බදුල්ල කන්දේගෙදර මාර්ගයේ කීණකැලේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් කීණකැලේ හන්දියට නුදුරින් ප්රධාන පාරේන් මිටර් 6ක් පමණ ප්රපාතයේ අතුරු මාර්ගයකට පෙරළී පුද්ගලයෙකු මියගොස් තවත් 20 දෙනෙක් තුවාල ලබා බදුල්ල සහ කන්දේගෙදර රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි .
කීණකැලේ ප්රදේශයේ විවාහ උත්වයකට සහභාගී වී නැවත එමින් තිබූ බස්රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.
අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තුවාලකරුවන් 17 දෙනෙකු කන්දේගෙදර රෝහලටත් 3දෙනෙකු බදුල්ල මහා රෝහලටත් ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
බස්රථය ඉදිරියෙන් පැමිණි ත්රිරෝද රථයකට ඉඩ දීමට යෑමේදී අනතුර සිදුවි ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.