හොරණ සිට නුවරඑළිය දක්වා විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස්රියක් හැටන් කොළඹ මාර්ගයේදී ප්රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරිකන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
අනතුර සිදුවන විට බසයේ 35 දෙනෙකු ගමන් කර තිබෙන අතර තුවා ලැබූවන් වටවල හා නාවලපිටිය රෝහලට මාරු කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් බසයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.