ඉන්දියාවේ ටොංස් ගංඟාවට බසයක් පෙරළීමෙන් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හිමාචල් ප්‍රදේශයේ ෂිම්ලා සිට කිලෝමීටර් 95ක් දුරින් පිහිටි ප්‍රදේශයක මෙම අනතුර සිදුව තිබේ.
සිද්ධිය සිදුවන අවසථාවේදී බසයේ මගීන් 56ක් පමණ ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
මියගිය පුද්ගලයන්නේ 31 දෙනෙකු පිරිමින්ද, 10ක් කාන්තාවන්ද ඉතිරි තිදෙනා තරුණ ගැහුණු ළමුන් බවද හිමාචල් පොලීසිය තහවුරු කර තිබේ.
සිද්ධියෙන් පුද්ගලයන් දෙදෙනෙකු දිවි බේරාගෙන තිබේ. එයින් එක් අයෙකු බස් රථයෙක් කොන්දොස්තර වෙයි. ඔහු බසය ඟගට පෙරළීමට තත්ත්පර කිහිපයකට පෙර එයින් පැන තිබේ.