ආණ්ඩුවට වැඩක් කරන්නට බැරිවන විට පසුගිය රජයේ රාජපක්ෂවරුන් මතක් වන බවත්,රෝගියෙකු මුත්‍රා පරීක්ෂා කරවා ගන්න රෝහලකට ගිය විට තමන්ගෙ මුත්‍රා ටිකටත් ගෙවන්න සිදුවී ඇති බවත් හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මේවන විට සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයෙන්ද බදු අය කරන බවත්,මේ ක්ෂේත්රවලින් බදු අයකිරීම ඉතා වැරදි බවත්,මෙය උගත්කමෙනුත් බදු අයකර ගැනීමක් බවත් හෙතෙම අවධාරණය කළේ අද(04)බලංගොඩ,මහවලතැන්න චන්ද්රසේනමුදලින්දාරාමයේ බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
බල්ලන් වෙනුවෙන් බලු බද්ද අයකරනු ලැබුවේ සුද්දාගේ කාලයේ වුවද, මේ සුද්දාගේ කාලයේ ද දැන් බල්ලන් ඇති කරන අයගෙනුත් බදු අයකිරීමට කටයුතු කරන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ප්‍රාග්ධන බද්ද හෙවත් ධන බද්දද අද දවසේ ධනවතුන්ට නොව දුප්පත් ජනයාට පීඩාවක් බව රාජපක්ෂ මහතා කියා සිටියේය