බලශක්ති සංරක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන ඇති පියවරයන් ඉතා ඕනෑකමින් අගයන බව ඉන්දීය හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා පැවසීය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල නිවසේදී ඊයේ (27දා) උදෑසන පැවති හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
දැනම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම සදහා වූ වර්තමානයේ පවතින අභියෝග පිළිබදව, අබ්දුල් කලාම් මහතා සමග මෙම අවස්ථාවට සම්බන්ධවූ පිරිස අදහස් හුවමාරු කරගැනීමක් සිදුවිය. එසේම ඉන්දීය හිටපු ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිහිපත්වීම වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිල නිවසේ ගෙවත්තෙහි රත්හඳුන් ශාකයක් රෝපණය කිරීමටත් හිටපු ඉන්දීය අග්රාමාත්යවරය කටයුතු කළේය.
.jpg)
.jpg)