ඛනිජ තෙල්, විදුලිය වැනි ක්ෂේත්රයන්හි පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමටත්, අනාගත අභියෝග ජයගැනීම සඳහාත්, මෙම ආයතන සියල්ල ඒකාබද්ධව පාලනය කළ හැකි නව කළමනාකරණ විධික්රමයක් හඳුන්වාදීමට අදහස් කරන බව විදුලි බල හ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ අනුව බලශක්ති ක්ෂේත්රයේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට, ව්‍යවස්ථාපිත බලතල සහිත උපායමාර්ගික ආයතනයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නව වසර වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ සේවක මණ්ඩල ඇමතීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.