දැනට ධාවනය කළ නොහැකි දුම්රිය බලවේග කට්ටල කිසිවක් ධාවනයෙන් ඉවත් නොකරඒවා අලුත්වැඩියා කොට ධාවනයට එක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවට බලවේග කට්ටල 15ක් සහ දුම්රිය මැදිරි 160ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අද (28දා) එම අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
&මෙරටට ගැලපෙන දුම්රිය එන්ජින් වර්ගය වන්නේ s-8 දුම්රිය එන්ජින් වර්ගය වන අතර සාමාන්යයෙන්එම වර්ගයේ එක් දුම්රිය එන්ජිමක් මිලදී ගැනීමට රුපියල් කෝටි 50 ක පමණ මුදලක් වැයවනවා.මෙරට දේශගුණයට ඉතාම ගැලපෙන දුම්රිය එන්ජින් වන්නේ ඉන්දියාවේ නිපදවෙන දුම්රිය එන්ජිනුයි. ප්‍රංශයෙන් ආනයනය කළ එන්ජින් දහයෙන් අටක් මේ වන විට අක්‍රිය වී තිබෙනවා* යැයි ද පවසා සිටියේය.