එක්සත් ජාතික පෙරමුණට සහාය දැක් වූ පුරවැසි බලය සංවිධානය නියෝජනය කරන මහාචාර්ය සරත් විජේසූරිය මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරයේ ආරාධිත කතාව සිදුකරමින් සිටියි.
බලය යනු නරක අවියක් බව ඔහු කීවේය. බණ්ඩාරනායක මැතිණිය වසර දෙකක කාලයක් සිය ධුරය දිග් ගස්සා ගැනීමෙන් එජාපයට අසීමිත බලයක් ලැබුණ බව ඔහු සඳහන් කළේය.
එම බලය ලැබීම රටේ දේශපාලනය විපරිත කිරීමේ පළමු කරුණ වූ බව ඔහු කීවේය. කෙටි කාලයකදී චන්ද්‍රිකා බණ්ඩාරනාක මැතිණිය නිදහස් පක්ෂය ශක්තිමක් පක්ෂයක් කළ බව ඔහු පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන රජයක් ඇතිකරමින් ලංකාවේ සංවර්ධනය ඇති කිරීමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.
යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට හිමිවිය යුතු බව ඔහු කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා ජාති එක්සත් කිරීමේ කාර්යය කළා නම් වර්තමාන දේශපාලන මුහුණුවර වෙනස් වීමට ඉඩ තිබූ බව ඔහු පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විධායක ජනපති වශයෙන් තේරීපතවන වක වානුවේදී වෙනසක් අවශ්‍ය තිබූ බවත් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙකු සොයාගත හැකි වූ බවත් ඔහු කීවේය.
ගොවි පුතෙකුට, පිරිසිදු දේශපාලඥයෙකුට නිදහස් පක්ෂයේ නායකත්වය ලැබීම පොදු ජනතාවගේ ජයග්‍රහණයක් බව ඔහු කීවේය. එය පක්ෂයේ ජයග්‍රහණයක් බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කාර්යයට නායකත්වය ලබාදෙන ලෙසද ඔහු ජනපතිවරයාගෙන් ඉල්ලීය.
නිදහස් පක්ෂය වටා එක්වී ඇති පක්ෂවලට ජනපදනමක් නැති බව ඔහු කීවේය. නිදහස් පක්ෂය උපයෝගීකරගෙන් ඔවුන් බලයට පත්වන බවත් ඔහු කීවේය. එය තවත්වන ලෙසද මහාචාර්යවරයා ඉල්ලීය.
දුගී දුප්පත්කම තුනී කිරීමට සමාජ සාධාරණත්වය ඇති කිරීමට අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඔහු පැවැසීය. ලෝකය ජයගත හැකි වන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඔහු පැවැසීය.