තමා කිසිවිටෙක බලය අයුතු ලෙස භාවිත නොකළ බව බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (24දා) පැවසීය.
බස්නාහිර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ සේවක සේවිකාවන් සංවිධානය කළ උපහාර දැක්වීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඕනම දෙයක් හොඳින් හෝ නරකින් කිරීම තමාගේ ක්‍රමය බවයි.
ජනමතයට ගරු නොකරන දේශපාලනඥයන්ට පැවැත්මක් නැති බවද ඒ මහතා මෙහිදී පැවසීය.