සිය බලය කිසි විටක අනිසි ලෙස භාවිත නොකරන බවත්, මන්ත්රී වරප්රසාද පිළිබඳ සාකච්ඡා කිරීමට විපක්ෂයේ මන්ත්රීවරුන්ට සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බවත් කථානායක කරු ජයසූරිය මහතා අද (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මාර්ගය වසාදැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ වරප්රසාද සම්බන්ධ අදහස් දැක්වීමේදී කථානායකවරයා මේබව ප්රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් ක්රියාමාර්ග ගැනීමට පොලීසියට අයිතිය ඇති බවත්, සියලුම දේට තමන්ට මැදිහත් විය නොහැකි බවත් කරු ජයසූරිය මහතා දැනුම් දුන්නේය.