ඛනිජ තෙල් ගෙන්වීමට සිටින පෞද්ගලික සැපයුම්කරුවන් 49 දෙනෙකුගෙන් 27 දෙනෙකු පසුගිය කාලය පුරාම ඛනිජ තෙල් සපයා නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මේ තත්ත්වය තුළ නව සැපයුම්කරුවන්ට අවස්ථාව ලබාදීමට සිදුවන බවද ඇමතිවරයා සඳහන් කළේය.
රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේ මැයි 15 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා බලශක්ති සංරක්ෂණ මාසයක් ප්‍රකාශයට පත්කිරීමටද අමාත්‍යාංශය පියවරගෙන ඇතැයි ඔහු කීය.
එම මාසය තුළදී ඛනිජ තෙල්වලින් 10% ක් හා විදුලි බලයෙන් 10% ක් ඉතිරිකරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.