ලංකාවේ දැවැන්තම පාරිසරික විනාශය සිදු කරමින් ක්‍රියාත්මක වන නොරොච්චෝල බලාගාරය දේශපාලනඥයන්, නිලධාරීන් හා ඉංජිනේරුවන් කිහිප දෙනෙකුට දැවැන්ත මුල්‍ය වාසි ලබාදෙන ඉල්ලමක් බවට පත්වී ඇති බව කැෆේ සංවිධානයේ අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
නොරච්චෝල විදුලි බලාගාරයේ කවුළු තුළින් අද (19දා) සවස 3.15 සිට 3.45 දක්වා දැවැන්ත අළු වර්ෂාවක් පිටතට පැමිණීමත් සමගම ගම්මාන 4ක් පුරා ගල්අගුරු අළු පැතිර ගොස් ඇති අතර මේ හේතුවෙන් බලාගාරය අසල වගා බිම් නිවාස ඇතුළු සෑම තැනම අළුවලින් වැසී ඇති බවත් ජනතාව පැමිණිලි කිරීමෙන් පසුව මේ වන විට බලාගාරයේ යන්ත්‍ර අක්‍රීය කොට ඇති අතර බෙල්ට් එකේ ප්‍රශ්නයක් නිසා මේ තත්ත්වය ඇතිවූ බව විදුලිබල මණ්ඩලයේ බලාගාර නිලධාරියෙකු පවසා තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි.
මේ වන විට බලාගාරය විශාල වශයෙන් දෛනිකව මහ මුහුදට අළු මුදාහරිමින් සිටින බවත් විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බවත් රු. 7.40ක මුදලකට විදුලි ඒකකයක් නිෂ්පාදනය කළ හැකි බවට විදුලි ඉංජිනේරුවන් සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් නොරච්චෝල තවත් ගල්අගුරු බලාගාරයක් ඇරඹීමට මේ වන විට සුදානම් සිටින බවත් හෙතෙම අවධාරණය කරයි.