බරපතළ වංචා කොමිසමේ පැමිණිලි 1000 පනී
පසුගිය රාජ්ය පාලන සමයේදී රාජ්ය ආයතනවල සිදුකෙරුණු බව කියන මහා පරිමාණ වංචා සහ දූෂණ සිද්ධි පිළිබඳව මේ වනවිට පැමිණිලි දහසකට අධික ප්රමාණයක් බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට ලැබී ඇතැයි වාර්තා වේ.
නාමිකව මෙන්ම නිර්නාමිකවද කොමිසමට පැමිණිලි ලැබී ඇති බවත්, එම පැමිණිලි සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් නිසි ලෙස විමර්ශනය කොට තොරතුරු තහවුරු කර ගැනීමට කටයුතු කරන බවත් කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
කොමිසමට ලැබුණු පැමිණිලි අතුරින් පැමිණිලි විශාල ප්රමාණයකට අදාළව පුද්ගලයන් විශාල පිරිසකගෙන් මේ වනවිටත් ප්රකාශ ලබාගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.
රාජ්ය ආයතනවල සිදුකෙරුණු මහා පරිමාණ වංචා සහ දූෂණ සිද්ධි පිළිබඳ පැමිණිලි ඇතොත් ඒ පිළිබඳව නාමිකව හෝ නිර්නාමිකව මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසමට දැනුම් දෙන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
රාජ්ය ආයතනවල දූෂණ පිළිබඳ පැමිණිලි 'ලේකම්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම, බ්ලොක් අංක 05, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාව, බෞද්ධාලෝක මාවත කොළඹ 07' යන ලිපිනයෙන්ද, 011 266 9135 දුරකථනයෙන්, 011 269 7420 ෆැක්ස් මගින් හෝ [email protected] යන විද්යුත් ලිපිනයෙන් දැනුම් දිය හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

