බරපතළ වංචා, දූෂණ සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහා පසුගිය මාස 04 ක කාලය තුළ පැමිණිලි 800කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි කොමිසමේ ලේකම් බැසිල් ද සිල්වා මහතා පැවසීය.
පසුගිය කාලයේදී දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධාරීන් ලෙස කටයුතු කළ තැනැත්තන් බරපතළ වංචා, දූෂණ ක්‍රියා, විශ්වාසය කඩකිරීම්, රාජ්‍ය දේපළ අපහරණය කිරීම්, රාජ්‍ය බලය, අධීකාරී වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම් සම්බන්ධයෙන් ලැබුණු මෙම පැමිණිලි පිළිබඳව කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කරන බව කොමිසමේ ලේකම් බැසිල් ද සිල්වා මහතා පැවසීය.
මෙවැනි තවත් සිද්ධීන් පිළිබඳව තොරතුරු ඇතොත් කොමිසමට දැනුම්දෙන ලෙසද බැසිල් ද සිල්වා මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.