ෙහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බය පුද්ගලයෙක් බවත් ශමු යුද්ධය පවතින විට අවුරුදු 15ක් ඇමෙරිකාවට වී සිටි බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැදීය.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් ඔහු අද (04දා) ඔහු මේ බව පැවැසීය.“බය නිසා තමයි එතුමා මෙතනට (අධිකරණයට) එන්නේ නැත්තේ. බයේ පැනලා යන එක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිදන්ගත රෝගයක්. එතුමා යුද්ධෙ කාලෙත් වියත්මග කිව්වට අවිත් බිම දාලා අවුරුදු 15ක් ඇමෙරිකාවේ හැංගිලා හිටියා.
දැන් ඇවිල්ලා වීරයෝ වගේ කෑගහුවට එතුමා බය පුද්ගලයෙක්. එතුමා නිර්භීතනම් කියයි, අපේක්ෂිත ඇප ගන්නේ නැතිවෙයි. ගෝඨාභය රාජපක්ෂට බොහෝ දෙනෙක් බයයි. ඒක වාසුදේව නානායක්කාර මහතාත් කිව්වා”යනුවෙන්ද ඔහු කියා සිටියේය.