(UPDATE)
මහරගම නගර සභාවට ස්වාධින කණ්ඩායම් දෙක (බයිසිකලය) යටතේ තරග කළ ජයග්රහණය කරමින් පත්වූ මන්ත්රීවරුන් 6 ක් සිය ධුර වලින් ඉවත්වී තිබේ. ඒ අනුව මහරගම නගර සභාවේ හිටපු සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළුව ශ්රී ලංකා පොදුජන පෙරමුණෙ හය දෙනෙක් මන්ත්රීවරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
මේ අතර එම දිවුරුම් දීමට විරෝධය දක්වා එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රීවරු පිරිසක් එම නගර සභා පරිශ්රයේ විරෝධතාවක නිරත වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.