ඇතැම් බහුජාතික සමාගම් හේතුවෙන් තම කර්මාන්තය දැඩි තර්ජනයකට ලක්ව ඇතැයි සීමාසහිත සමස්ත ලංකා බයිට්ස් සහ රසකැවිලි නිෂ්පාදකයන්ගේ සමිතිය අවධාරණය කරයි.
එම සමිතියේ ලේකම් එම්.එච්.එම්. නවුෂාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ ආහාර කල්තබා ගැනීම සඳහා අහිතකර උපක්රම භාවිත කරන්නේ යැයි බහුජාතික සමාගම් විසින් කටකතා පැතිරවීම මෙයට හේතුවී ඇති බවයි.
එසේම එම චෝදනා තමන් විසින් දැඩි ලෙස හෙළා දකින බවද එම නිවේදනයේ සඳහන් වේ.