ඇල්ල, ඉලුක්පැලැස්ස මාර්ගයේ වාහනයකින් ගමන් කරමින් සිටි පාසැල් ළමුන් හා සිවිල් වැසියන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසිය කියයි. පැසැල් ළමුන් අතර පිරිමි 13ක්, ගැහැණු 08ක් හා සිවිල් වැසියන් අතර පිරිමි 04ද, ගැහැණු එක් අයෙකුද සිටින බව පොලීසිය පවසයි.
පිරිස ප්‍රතිකාර සඳහා බල්ලකෙටුව රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුලත්කර ඇති බවත් එයින් හය දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙමෝදර රජයේ රෝහලට මාරු කළ බවත් පොලීසිය සඳහන් කරයි.