බන්ධනාගාරවලින් ජංගම දුරකතන සොයාගනියි
බන්ධනාගාරවල සිටින සිරකරුවන් විසින් අයථා ලෙස භාවිතා කරන ජංගම දුරකතන හා මත්ද්‍රව්‍ය භාවිතයන් වැළක්වීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සියළුම බන්ධනාගාරවල හදිසි සෝදිසි වැටළීම් අඛණ්ඩව සිදු කරන අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාල පරිච්ඡේදයේදී දිවයිනේ ප්‍රධාන බන්ධනාගාර වල සිදු කරන ලද සෝදිසි වැටලීම් වලින් ජංගම දුරකතන 73ක්, සිම්පත් 54ක්, ගංජා ග්‍රෑම් 1ක් හා හෙරෝයින් පැකට් 07ක් සොයාගෙන ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි.
බන්ධනාගාර තුල සිරඳඩුවම් විඳින රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණෙන ඇතැම් පුද්ගලයින් විසින් බන්ධනාගාර තුලට ජංගම දුරකතන,සිම්පත් ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බව හෙළීවී ඇතැයිද, එවැනි නීති විරෝධි ක්‍රියාවන් මඟින් බන්ධනාගාර සිරඳඩුවම් විඳින නේවාසිකයින්ගේ මානසික මට්ටම තවදුරටත් බිඳ වැටීමට ඉඩ තිබෙන බැවින් අයථා ක්‍රියාවන් සඳහා දායක නොවන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

