නිර්නාමික දුරකථන ඇමතුම් මගින් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පමි ලබාගැනීමට කටයුතු කරන බවට තොරතුරු අණාවරණය වී ඇතැයි පොලීසිය කියයි. බන්ධනාගාරයේ සිටින රැදවියන් විසින් මෙම කටයුතු මෙහෙයවන බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් එවැනි දුරකතන ඇමතුම් පිළිබඳව ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත් පොලීසිය පවසයි.