අධිකරණ සේවා ලේකම්වරයෙක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින්, බෝම්බ ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන සැකකරුවෙක් ජංගම දුරකතයක් භාවිතයෙන් මහනුවර ප්‍රධාන මහේස්ත්රාත්වරයාට හා මහේස්ත්‍රාත් රෙජිස්ටාර්වරියට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් නැවතත් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන සිද්ධියට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද 25දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා අද නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුබේ මාවනැල්ල අරනායක ප්‍ර දේශයේ පදිංචි අරෝෂ් ඉන්දික බණ්ඩාරනැමැති අයෙකි.