බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනය සඳහා රු. 103,000,000.00 ක වියදමින් ආසන 44 ක බස් රථ 20 ක්ද, රු. 121,350,000.00 වියදමින් ආසන 30 බස් රථ 30 ක්ද මිලදී ගැනීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍යහමුවේදී අමාත්‍ය කෙහෙලිය මහතා මේබව පැවසීය