බන්ධනාගාර 07ක ප්‍රධානීන්ට මේ මස 16 වැනි දින සිට ස්ථාන මාරුවීම් ලබාදීමට විෂය භාර අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා තීරණය කර තිබේ.
බන්ධනාගාරවල සිදුවන අකටයුතුකම් අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
මේ අනුව වැලිකඩ, මැගසින්, පල්ලෙකැලේ, මීගමුව, අගුණකොලපැලැස්ස, කුරුවිට බන්ධනාගාරවල ප්‍රධානීන්ට ස්ථාන මාරුවීම් ලබාදේ.