බදුල්ල, අමුණුවැල්පිටිය ප්රදේශයේ අතුරු මාර්ගයක නවතා තිබූ ත්රිරෝද රථයක් අද (13දා) අලුයම හදිසියේ ගිනිගෙන විනාශ වී ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
මෙම ගින්නෙන් ත්රිරෝද රථය මුළුමනින්ම විනාශ වී ඇති අතර, ත්රිරෝද රථයේ හිමිකරු වෘත්තියෙන් යුද හමුදා නිලධාරියෙකු වන බවත්, ඔහු දින 20කට වරක් නිවසට පැමිණ මෙම ත්රිරෝද රථය තම පෞද්ගලික ප්රයෝජනය සඳහා පමණක් භාවිත කරන බවද පොලීසිය පවසයි.
කිසියම් පුද්ගලයෙකු මෙම ගිනිතැබීම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක බී.යූ.පී. මානියමිගම මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.