බදුල්ල - මහියංගනය මාර්ගයේ තල්දෙන 6 කණුව ප්‍රදේශයේදී ඊයේ (15දා) අලුයම මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී යෑමෙන් එහි ගමන් කළ සිවු දෙනෙකු තුවාල ලබා ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
හසලක ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18, 16 සහ 14 යන වයස් කාණ්ඩවලට අයත් සිවු දෙනෙක් මෙසේ තුවාල ලබා සිටිති.
අදාළ මෝටර් රථය පැද වූ බව කියන 18 හැවිරිදි තරුණයාටද රියදුරු බලපතක් නොමැති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුරින් තුවාල ලැබූවෝ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර සිටිති.
අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු දෙමාපියන් ඥාතියෙකුගේ මළ ගෙදරට ගිය අවස්ථාවේ 18 හැවිරිදි තරුණයා නිවසේ තිබූ වාහනය රැගෙන දෙමාපියන්ට නොදන්වා මිතුරන් තිදෙනකු සමග හසලක සිට බදුල්ලට පැමිණ ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
ඔවුන් දුන්හිද දියඇල්ල නරඹා බදුල්ල නගරයට ද පැමිණ ආපසු යන අතරතුර මෙම අනතුර සිදුව තිබුණි.
බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල තෙන්නකෝන් හා රථ වාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජයතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත පො.කො සුජිත් සහ ප්‍රේමසිරි යන නිලධාරීහු සිද්ධිය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වති.