බදුල්ල මහ රෝහලේ අභ්‍යන්තර ආපන ශාලාවේ කොන්ත්‍රාත් කාලය අවසාන වීමෙන් පසුව ද පසුගිය වසර 04 ක කාලයක් තිස්සේ බලහත්කාරයෙන් රෝහල තුළ ආපන ශාලාව පවත්වාගෙන යන ආපන ශාලා හිමිකරු ඉවත් කරන තුරු බදුල්ල පළාත් මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (12දා) උදැසන 10ට පමණ රෝහල ඉදිරිපිට ඇති බෝමළුවේ බිම වාඩිවීඅඛණ්ඩ උපවාසයක නිරතවිය.
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙසේ පැවසීය
"ආණ්ඩුවට ගෙවීමට නියමිත මුදල් නොගෙවා හොරෙන් විදුලිය අරගෙන පිටින් වතුර ගෙනල්ලා රෝහල ඇතුළේ අරක්කු විකුණන ඒ මනුස්සයා ඉවත් කරන්න අපි හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. ඒ පුද්ගලයා මේක ඇතුලේ ඉන්නඑක රෝගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක්. අපිටත් තර්ජනයක්. අපිට ඇසිට් ගහනවා කියනවා. වෛද්‍යවරුන්ට බැන වදිනවා. රජයේ ආයතනයක් ඇතුළත මේ ආකරයෙන් වගේ නීතිවිරෝධී ලෙස ආපනශාලාව පවත්වාගෙන යන පුද්ගලයා ඉවත් කරනතුරු මම මෙතනින් නැගිටින්නේ නැහැ මොකද අපි ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. මම මැරුණත් නැගිටින්නේ නැහැ"