බදුල්ල දිස්ත්‍රික්ක්යේ සමස්ථ භූමියෙන් 80% කට වැඩි ප්‍රමාණයක් නාය අවධානමේ පවතින බව එකට දස දහස පරිමාණයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධනය විසින් සකස් කර ලද නවතම සිතියම් වලින් අනාවරණය වී ඇත.
අධි අවධානම් තත්ත්වයේ පවුල් 6000 හයදහසක් සිටින බවත් අවධානමට ලක්විය හැකි ගොඩනැගිලි එක් ලක්ෂ හැට එක් දහසක් ඇති බවත් කරන ලද පරික්ෂණ වලදී අනාවරණය වි ඇත.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා මෙසේ පැවැසීය.
“තිස් අවුරුදු සාපලත් යුද්ධයට පාවිච්චි කළ ඩයිනමයිට් වලට වඩා එක අවරුද්දකට ඩයිනමයිට් පාවිච්චාකරන දිස්ත්‍රික්කයක් මේක.
හුදකලා කන්දක ගහන ඩයිනමයිට් වලට වඩා කදු පන්තියක ඩයිනමයිට් කිලෝ ගණන් ටොන් ගණන් 1400 ක් පමණ ගහද්දි මේ කඳුපන්තියට වන හානිය පිළිබදව කවුරුවත් සානුකම්පික සිතින් බැලුවේ නැහැ .
කලුගල් වශයෙන් හරි වැලි වශයෙන් හරි පස් වශයෙන් හරි ලාභය සදහා ගන්න විතරයි සියලු දෙනා බැලුවේ .මේ අතර තුර අපි ගොඩනැගිල් පරේයේෂ සංවිධානයෙන් ඉල්ලා සිටියා .මේ වැඩේ හරියන්නේ නැහැ අපට එකට දහදහසේ සිතියම් හදලා දෙන්න කියලා.
එකට දස දහසේ සිතියම් නිරික්ෂණය කරනකොට අපේ වැඩිය නාගරික නොවු ප්‍රදේශවල හරියටම ජීවත්වන පුද්ගලයන් පිළිබදව සොයාගන්න පුළුවන් .
හැබැයි පස්සේ තමයි තේරුණේ මේ රිල්පොල පැත්තේ බදුල්ල නගරය පැත්තේ එකට දහ දහසේ සිතියම් වලිනුත් සොයාගන්න බැහැකියලා .
ඒ තරම් ජනගහනයක් තියෙන තැන් තියෙනවා .ඒ අනුව අපි ඉල්ලා සිටියා අපට එකට දෙදහස් පන්සීයේ සිතියම් හදාදෙන්න කියලා මේ කටයුත්තේ වැදගත් කම දේශපාලන කතිරයකට වඩා එහාගිය අපේකමක් මේ බදුල්ල රැකුනොත් තමයි මේ කන්ද රැකොනොත් තමයි සමස්ථ ශ්‍රී ලංකාවේ පැවැත්ම රදා පවතින්නේ .
උතුරේ ඉන්න දෙමල ජනයාට වගේම නැගනෙහිරි ඉන්න මුස්ලිම් ජනායට මෙන්ම අනෙක් ප්‍රදේශවල ඉන්න සියලු ජනතාවට කිසිදු වෙනසක් නැතිව හිසේ සිට පාදය දක්වා ලේ ගමන් කරන්නා වගේ වතුර ගලාගෙන ගිය රට මේක .
මම පුංචිකාලේ වලවේ ,නිල්වලා , ගිංගග යන ඔය ගංගා 3 උඩින් ගමන් කරන මම කතරගම ගිහින් තියෙනවා.කපුටු ඇහැ වගේ නිල්පාට වතුර ගමන් කළේ. නිල්පාට වතුරේ ගමන් කරන මාලුවෝ අප දැකල තියෙනවා .
මාලු පීනන කපුටු ඇහැ වගේ වතුර තියෙන ගංගාවක් මතු පරපුරට දකින්න ලැබෙයි කියලා මං හිතන්නේ නැහැ .
එ නිසා ගංගාවන්හි පැවැත්ම බදුල්ලට විශේෂයි . බදුල්ල යමිකිසි ආපදාවකටලක්උනොත් සමස්ථ ශ්‍රීලංකාවේ ගොවිජනපද සියල්ල අනථයි .සේනානායක සමුද්‍රය , ඇල හැර, පරාක්‍රම සමද්‍රය ,ගිරිතලේ , මින්නේරිය . කවුඩුල්ල , ඔක්කොටම ජලය සපයන ප්‍ර දේශය බදුල්ල. ඒනිසා බදුල්ල ට යම් හානියක් වෙනවා කියන්නේ දිස්ත්‍රික්ක 9 ක ජන ජීවිතය සහ මුලින්ම ආපදාවට පත්වෙනවා."