2014 වසරට සාපෙක්ෂව මෙම වසරේ මුල් මාස 3 තුළබදු ආදායම 23.8%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකා බදුකරුවන්ගේ ආයතනයේ සහතිකපත් ප්රදානෝත්සවය නිමිත්තෙන් කොළඹ පැවැති උත්සවයක් අමතමිනි.
"ගෙවී ගිය කාලය තුළ යහපාලන ආණ්ඩුව ජනතා බදු මුදල් වැඩදායක ලෙස ක්රියාවේ යෙද වූ ආකාරය පිළිබඳ ජනතාවට තක්සේරුවක් තිබෙනවා. ඒ නිසා ඔවුන් වෙනදාට වඩා උනන්දුවකින් තමන්ගේ බදු මුදල් ගෙවනවා. 2014 ට සාපේක්ෂව මේ වසරේ ගෙවී ගිය මාස 3ක කාලය තුළ බදු ආදායම 23.8% කින් ඉහළ ගොස් තිබෙන්නේ ඒ නිසයි.
සුරා බදු දෙපාර්තමේන්තුව ගෙවීගිය වසරේ නොවැම්බර් මස අයකරගෙන ඇති බදු මුදල රු.බිලියන 4.3යි. එය මේ වසරේ මාර්තු මාසය වනවිට රු.බිලියන 9.5 දක්වා 123% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. නිසි පරිදි බදු අයකර ගැනීම ඊට හේතුවයි." යනුවෙන් මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කර ඇති බවද පවසමිනි.