බද්ධ කරන ලද ගර්භාෂයක ප්‍රථම දරු උපත සිදුවේ
ස්වීඩන් ජාතික කාන්තාවකගේ බද්ධ කරන ලද ගර්භාෂයේ පිළිසිඳ ගැනුණු දරුවෙකු මෙළොව එළිය දැකීමත් සමගම ලොව එදාමෙදා තුර ඉතිහාසයේ බද්ධ කරන ලද ගර්භාෂයක සිදුවූ ප්‍රථම දරු උපත ලෙස එය ඉතිහාස ගත වී තිබේ.
36 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ගර්භාෂයකින් තොරව උපත ලැබූ කාන්තාවක වූ නිසා, ඇයට එම ගර්භාෂය පරිත්‍යාග කර ඇත්තේ 60 වැනි වියෙහි පසුවූ ඇගේ මිතුරියක විසිනි.
මෙම දරුවා හොඳ සෞඛ්‍ය සම්පන්නව පසුවන බවත් උපදින විට දරුවාගේ බර රාත්තල් 3.9ක් වූ බවත් බ්රි්රතාන්ය සෞඛ්‍යය ජර්නලයක් උපුටා දක්වමින් බී.බි.සී.ය කියයි.
බොහෝ විට පිළිකා සඳහා ප්‍රතිකාර ගැනීම හෝ උපතේදී සිදුවන අඩුලුහුඬුකම් හේතුවෙන් කාන්තාවන් මෙසේ ගර්භාෂයක් නොමැතිව උපත ලබන අවස්ථා දැකිය හැකි බවද එය වැඩිදුරටත් පවසයි.
එහිදී, මෙවැනි මවුවරුන්ට තමන්ගේම දරුවෙකු අවශ්‍ය නම් අන් ගර්භාෂයක් කුලියට ගැනීමක් හැර වෙනත් විකල්පයක් මෙතෙක් කල් නොවුණු බවද එම ජර්නලය උපුටා දක්වමින් බී.බී.සී.ය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

