බත් පිස ගැනීමේදී ලුණු භාවිත කළහොත් අධිරුධිර පීඩනය ඇතිවීමට එය හේතුවක් විය හැකි බව සෞඛ්‍ය අධ්‍යාපන හා ප්රචාරක ඒකකයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.
දිනකට එක් පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ ලුණු ග්‍රෑම් 05ක් වැනි ප්‍රමාණයක් බවත්, එම ප්‍රමාණය එළවළු හා පාන වර්ගවලින් ශරීරයට ලැබෙන බවත් ඇය පවසා සිටියාය.
වෙසක්, පොසොන් සමයේ දන්සල් පැවැත්වීම පිළිබඳ මාර්ගෝපදේශ එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (23දා) සහභාගි වෙමින් මේ බව කී අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළේ, දන්සල් පැවැත්වීමේදී සීනි සහ ලුණු අඩුවෙන් භාවිත කර ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කළයුතු බවයි.
බත් පිස ගැනීමේදී ලුණුභාවිත කරන බවට වාර්තා වන අතර, බත් පිස ගැනීමේදී කිසි ලෙසකවත් ලුණු භාවිත කිරීමට අවශ්‍ය නොවන බවද විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.
ඉන්දික හේවාවිතාරණ/නාලිකා රාජපක්ෂ