දේශපාලඥයන්ට බත් පැකට්, පාර්සල් බෙදීමට එහාගිය වගකීමක් පවතින බවත්, ගංවතුර හා නායයෑම හේතුවෙන් අඩාල වූ ජනජීවිත නගාසිටුවීමට පියවර ගැනීම කඩිනම් කළ යුතු බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කර සිටියාය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සමග රත්නපුර දිස්ති‍්‍රක්කයේ ගං වතුරෙන් හා නායයෑමෙන් විපතට පත්වූ කාන්තාවන්ට හා ළමුන්ට උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි ඇය මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
“ඇතැම් අය මේ වගේ ආපදාවලට ලක්වුණු වෙලාවලදීත් දේශපාලන වාසි ගන්නයි උත්සාහ කළේ. ඒ ගැන ඇත්තටම කනගාටුයි. අපි මේ අයට පිහිට වෙනකොට මොන පක්ෂයේ අයද කියලා හෙව්වේ නෑ.
මේ දිස්ති‍්‍රක්කයේ අවතැන් වුණු ප්‍රමාණය 50000ට වැඩියි. ඒ හැමදෙනා ගැනම අපට වගකීමක් තියෙනවා. නිවිතිගල පොලීසියේ නිලධාරීන් පීනගෙන ගිහින් තමයි ගංවතුරට කොටුවෙලා හිටිය අය බෝට්ටුවලට දාගත්තේ. ජීවත්ව ඉන්න අය බේරගන්න රජයේ නිලධාරීන් තමන්ට හැකි සෑම උත්සාහයක්ම ගත්තා.
මම ඒක හොඳින්ම දන්නවා. 2015 ජනවාරි 8 වැනිදට කලින් ආපදාවක් වුණාම මළසිරුරක් වෙනුවෙන් රජයෙන් ගෙව්වේ රු.15000 යි. ඒක ලක්ෂයක් දක්වා වැඩි කළේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයයි. උදේ 9 වෙනකොට අවශ්‍ය සියලුම අංශ කැඳවලා උපදෙස් ලැබුණේ දැන්ම ඒ තැන්වලට යන්න. ගිහින් ජීවිත බේරගන්න. ඊට පස්සේ ඒ අයව බඩගින්නේ තියන්න එපා කියලා. ඒ අනුව ති‍්‍රවිධ හමුදාව පුදුම විදිහට මහන්සි වුණා. මම කුරුවිට කෑම්ප් එකෙන් ගෙන්වන්න හදනකොට කුරුවිටෙන් මෙහෙට එන්න බෑ. රත්නපුර නගරය මීටර් 04ක් 05ක් වතුරෙන් යටවෙලා.” යනුවෙන් සඳහන් කළාය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග, රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් මාලනී ලොකුපෝතාගම, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් අවන්ති සේනාරත්න, නිවිතිගල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක පියසේන පොල්වත්ත ඇතුළු පිරිසක් එක්වූහ.