(UPDATE) බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයේ ලේඛණාගාරයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විමට රජයේ රස පරීක්ෂක කැඳවන බව පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයේ ලේඛණාගාරයේ ඇතිවූ ගින්නක් මැඬ පැවැත්වූ බව බණ්ඩාරවෙල පොලීසිය කියයි.
අද (30දා) පෙරවරුවේ ඇතිවූ ගින්න විනාඩි 45ක් පමණ පැවැති බවත් නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පොලීසිය එක්ව ගින්න මැඬ පැවැත්වූ බවත් බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.