බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළ අසළ සැකකටයුතු ලෙස හැසිරුණ තරුණියක් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඇය තරුණියක් නොව තරුණියක ලෙස වෙස්වළාගෙන සිටි තරුණයෙක් බව අනාවරණය විණැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
පොලීසියට ලැබුණ තොරතුරක් මත සැකකාරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී මේ බව හෙළිවී ඇත.
21 හැවිරිදි මෙම සැකකරු යුද හමුදා සෙබළෙකු බවත් ඔහු ඌව පරණගම මැදවෙල පදිංචිකරුවෙකු බවත් අනාවරණය වූ බවද පොලීසිය පවසයි.
සැකකරු කිසියම් අපරාධයක් සිදුකිරිම පිණිස මෙසේ වෙස්වළාගෙන පැමිණියේදැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවද පෙලීසිය පවසයි.
බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ මෙහෙයවීම යටතේ එහි නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.