පාරිභෝගික අධිකාරියට නොදන්වා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ඊයේ (18දා) අත්‍යවශ්‍ය භාණ්ඩ 06 ක උපරිම සිල්ලර මිල සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර දැමීමට මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.
රට තුළ නීතියක් ලෙස ක්‍රියාත්මක වීමට නම් එය පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් විය යුතු වුවත්, ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය සභාපතිවරයා දැනුවත් කිරීමකින් තොරව නිකුත් කර තිබූ අතර, මේ නිසා පාරිභෝගික අධිකාරියේ සභාපති ආචාර්ය ආර්.කේ.එම්. රත්නායක මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බවද වාර්තා විය.