අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම වළක්වා ගැනීම සඳහා මුදල්, කෘෂිකර්ම සහ වෙළෙඳ යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට අවස්ථාව උදාවී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (26දා) පැවසීය.
සහල්, පොල්, ගෑස් ඇතුළු භාණ්ඩ ඉහළ යෑම පාලනය කර ගැනීමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බවත්, පසුගිය රජය සමයේදී අමාත්‍යාංශ කිහිපයක් එක්ව පත්කළ කමිටුවක් මගින් භාණ්ඩ මිල පාලනය කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එවකට කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වෙළෙඳ ඇමතිවරයා වූ තමන්ට උපදෙස් ලබාදෙමින් භාණ්ඩ මිල පාලනය කළ බවත්, ජනාධිපතිවරයා එම කමිටුවට මැදිහත් නොවුණු බවත් හෙතෙම පැවසීය.
නමුත් වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාට ලූනු මිල පාලනය කිරීමට පවා තීන්දු ගැනීමට සිදුව තිබෙන බවත්, ගෑස් මිල රුපියල් 110කින් ඉහළ දැමීම සිදුව ඇත්තේ කෘත්‍රිම ලෙස මිල පාලනය කිරීමට හිටපු මුදල් ඇමතිවරයා උපදෙස් ලබාදී තිබූ නිසා බවත් ගුණවර්ධන මහතා පවසා සිටියේය.
පුංචි බොරැල්ල වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය.