වී මිලට මෙන් මේ මාස් කන්නයේ සිට බඩඉරිඟු සඳහා ද සහතික මිලක් ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තීන්දු කර ඇතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
එමෙන්ම මේ කන්නයේ සිට පිටරටින් මෙරටට බඩඉරිඟු ආනයනය කිරීම ද සම්පූර්ණයෙන් ම නැවැත්වීමට රජය තීරණය කර තිබේන බවද ඉදිරි දිනවලදී අදාළ සහතික මිල නියම කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.