බටහිර සංගීත ගුරුවරුන් බඳවාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ තරග විභාගයට ඉදිරිපත් වූ සියලුම බටහිර සංගීත උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එලෙස බඳවාගන්නා උපාධිධාරීන් දිවයිනේ පාසල්වල බටහිර සංගීත විෂය සඳහා පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා උපදෙස් ලබා දී තිබේ.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බටහිර සංගීත උපාධිධාරීන් ඇතුළු 365 දෙනෙකු මෙම විභාගයට ඉදිරිපත් වූ අතර, ඉන් සමත් වූ සංඛ්‍යාව 124 කි.
ඒ අතරින් සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගන්නා ලද ගුරුවරුන් සංඛ්‍යාව 70කි.
විභාගය අසමත් සහ ඉංග්‍රීසි අසමත් බටහිර සංගීත උපාධිධාරීන් විශාල සඛ්‍යාවක් සිටින අතර, ඒ සඳහා යම් සහනදායී ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට අමාත්‍යවරයා තීරණය කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස උපාධිධාරීන් බඳවා ගැනීමට තීරණය කර තිබේ.