ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළද බටහිර රටවල් කිහිපයක තවමත් ත්‍රස්තවාදය ක්‍රියත්මක බවත්, එය ශ්‍රී ලංකාවේ සාමයේ වර්ධනයටත්, සමගි සන්ධාන වීමේ ක්‍රියාවලියටත් ගැටලුවක් බව ජනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා පැවැසීය.
ආරක්ෂක සමුළුව අමතමින් මෙම අදහස් ප්‍රකාශ කළ රවිනාථ මහතා තවදුරටත් පවැසුවේ ශ්‍රී ලංකාව අභියෝග තුනකට මුහුණ දෙන බවයි. ඇතැම් රටවල ජාත්‍යන්තර ක්‍රියාකාරිත්වය, දෙමළ ඩයස්පොරායේ ක්‍රියාමාර්ග හා තුන්වැන්න එල්.ටී.ටී.ඊ. සංවිධානය අතැම් රටවල ව්‍යප්ත වීම එම අභියෝග තුන බවයි.