අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (17දා) උදෑසන බගවන්තලාව ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ප්රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම හා ටින්සින් ප්රදේශයේ ගොල්ෆ් ක්රීඩාංගණයක් ඉදිකිරීම පිළිබඳව සොයා බැලීමේ අරමුණින් මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර තිබුණි.
බගවන්තලාව කෙසෙල්ගමු ඔය අසල ඇති ඉඩමෙහි මෙම ගෝල්ෆ් ක්රීඩාංගණය ඉදිකිරීමට එහිදී අග්රාමාත්යවරයාගේ අවධානය යොමුව ඇත.
නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කේ.කේ. පියදාස මහතා ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූහ.