බංග්ලාදේශයේදී ලංකා වෛද්ය උපාධි අපේක්ෂිකාවක් අපයෝජනය කරයි
බංග්ලාදේශයේ චිතගොං නුවර විද්යා තාක්ෂණික විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්රී ලාංකික වෛද්ය උපාධි අපේක්ෂිකාවක් ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුව ගෙන තිබේ.
26 හැවරිදි බංග්ලාදේශයේම පදිංචි අලෙවි විධායකයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. පසුගිය ඉරිදා දිනයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
චිතගොං නගරයේ හෝටල් කාමරයක් තුළ 26 හැවැරිදි සැකකරු තමන්ව අපයෝජනය කළ බවට වෛද්ය සිසුවිය පොලීසියට කළ පැමිණිල්ලකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පසුගිය ජුනි 11 දා අත්අඩංගුවට පත් සැකකරු හා අපයෝජනයට පත්වූ බව කියන ශ්රී ලංකා තරුණිය ජංගම දුරකතනය හරහා කතා බහ කිරීම ආරම්භ කර ඇති අතර පසුව සැකකරුගේ දැනුම් දීම මත ඇය හෝටලය වෙත පැමිණ තිබේ.
තරුණිය නැවතී සිටින නේවාසිකාරය ආසන්නයේ හෝටලය පිහිටා ඇති අතර එහිදී තමන්ව අපයෝජනයට ලක්වූ බව තරුණිය පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙයි.
ද ඩෙිලි ස්ටාර් ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

