පුද්ගලයන් 200ක් පමණ ප්රවාහණය කරමින් තිබූ යාත්‍රාවක් බංග්ලාදේශයේදී පෙරලී යාමෙන් පුද්ගලයන් 100ක් පමණ පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා නොවන බව රොයිටර් පුවත් සේවය පවසයි.
බංග්ලාදේශය පුරා ගංගා හා ජලාශ පිහිටීම නිසා වැඩි වශයෙන් ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යාත්‍රා භාවිත කළත්, බොහෝ අවස්ථාවල යත්රාවලට පමණ ඉක්මවා මගීන් පැටවීම හා ඒවා අබලන් තත්ත්වයේ පැවතීම මෙවැනි අනතුරුවලට හේතුව බව කියැවෙයි.
මුන්ෂිගාන්ජ් හි නියෝජ්‍ය දිස්ත්‍රික් කොමසාරිස්වරයා පවසා සිටියේ පද්මා ගංගාවේදී අනතුරට පත් මෙම යාත්‍රාවේ ගමන් කළ පුද්ගලයන් 100ක් පමණ බේරාගත් බවයි.
කෙසේ වෙතත් බේරාගත් අයගෙන් කාන්තාවන් දෙදෙනෙකු රෝහලට ගෙනයෑමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, සෙසු පිරිස පිළිබඳ තවම තොරතුරක් නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියි.
මෙහි ගමන්ගත් බහුතරයක් පිරිස රමලාන් මාසය අවසන්ව ඉද් අල්-ෆිටර් උත්සවයෙන් පසු නැවත තම ගම්බිම් බලා පැමිණෙමින් සිටි පිරිසක් බව කියැවෙයි.