බංග්ලාදේශ මහ බැංකුවෙන් සොරකම් කරන ලදැයි කියන ඇ.ඩො.මිලියන 25 ක මුදලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක නමින් විදෙස් බැංකුවක් වෙත යොමු කිරීම (ප්‍රේෂණය කිරීමේ) සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බව වාර්තා වෙයි.
චීන හැකර්කරුවන් පිරිසක් බංග්ලාදේශයේ මහ බැංකුවෙන් සොරකම් කරන ලද බවට සැලකෙන මෙම මුදල් රාජ්‍ය නොවන සංවිධානයක් හරහා මෙලෙස මෙරට පෞද්ගලික බැංකුවක් වෙත ප්‍රේෂණය කර ඇති බවද කියැවෙයි. ඒ අනුව ගෝලීය වශයෙන් මුදල් විශුද්ධිකරණයට එරෙහි කටයුත්තේ අංගයක් ලෙසටද මෙය හැඳින්වෙන බවත් සඳහන් වෙයි.
මෙහිදී අදාළ රාජ්‍ය නොවන සංවිධානය ශාලිකා පදනම ලෙස හඳුනාගෙන ඇති අතර මේ වනවිට එම පදනමේ පසුබිම සහ හිමිකාරීත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ දියත්ව තිබේ. වාර්තා අනුව එම සංවිධානය මෙරට තුළ ලියාපදිංචි සංවිධානයක් වන අතර, එහි ආරම්භකයන් විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන බවත් පැවසෙයි. මේ තත්ත්වයත් සමගම ඔවුන්ට ලැබුණු අනෙකුත් ආධාර මුදල්ද මේ ආකාරයට හැකර්කරුවන් හරහා ලැබුණු මුදල්ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මෙරට ක්‍රියාත්මක තවත් ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන වෙතින් අදාළ ශාලිකා පදනම සම්බන්ධයෙන් විමසීමේදී එවැන්නක් කිසිදිනෙක අසා නොමැති බවට අනාවරණය විය. ඒ අනුව, දැනටමත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ෆෙඩරල් සංචිත දෙපාර්තමේන්තුව, බංග්ලාදේශ බලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධානීන්ද දැනටමත් දැනුම්වත් කර ඇති බවද වාර්තා වේ.
විමුක්ති කරුණාරත්න