ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හා නීති ආධාර වැඩපිළිවෙල පිළිබදව අධ්‍යනය කිරීම සදහා එකොළොස් (11) දෙනෙකුගෙන් යුක්ත බංගලිදේශයේ ඉහළ පෙළේ අධිකරණ සේවා නිළධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි තිබේ.
ඔවුන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න , අධිකරණ සේවා කොමිෂන් සභාව, නීති ආධාර කොමිසම හා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී දෙරටේ අධිකරණ ක්ෂේත්රයේ විවිධ අංශ පිළිබදව සාකච්ඡා කල බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
බංගලිදේශයේ මෙම අධිකරණ නියෝජිත පිරිසට නීතිය, අධිකරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් Abu Salch Shecikh Mohamad Zahirul Haque, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් Shahnaz Banu,අධ්යක්ෂ සැලසුම් ප්‍රවර්ධන Nasima Mohsin, ජාතික නීති ආධාර නියෝජ්‍ය අධ්යක්ෂ Rokibul islam අධිකරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ජේHෂ්ඨ සහකාර ලේකම් Toyedul hasan ඇතුළු ජේHෂ්ඨ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වුහ.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හමු වු බංගලිදේශයේ අධිකරණ සේවාවේ ඉහළපෙළේ මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ අධීකරණ ක්‍රියාවලිය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කල අතර, කම්කරු විනිශ්චය සභා , මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, පළාත්බද මහා අධිකරණ, අභියාචනාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ යන අධිකරණ ධුරාවලියේ යුක්තිය පසිදලීමේ කටයුතු ඉටු කරන ආකාරය පිළිබදව දෙරට පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කල අතර, මහජනතාවට කාර්යක්ෂම අධිකරණ සේවාවක් උසාවි නොවන ක්‍රමවේදයක් මගින් ලබාදීම සදහා ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල ක්‍රමය පිලබදව විශේෂ අධ්‍යනයක් කිරීමට ද මෙම බංගලාදේශ අධිකරණ සේවා නියෝජිතයින් විශේෂ උනන්දුවක් තිබෙන බව මෙහිදී පැවසීය.
බංගලාදේශයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන නීති ආධාර වැඩසටහන පිළිබදව දිර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළ මෙම නියෝජිත පිරිස තම රටේ සමාජ සංස්කෘතික ගැටළු මැනවින් හදුනාගෙන ප්‍රමාදයකින් තොරව අධිකරණ ක්‍රියාමාර්ග වලට පැමිණිම සදහා මහජනතාවට නොමිලේ නීති ආධාර ලබා දෙන නීති ආධාර කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති අතර, එහිදී මහජනතාවගේ සිවිල් නඩු කටයුතු සදහා විශාල දායකත්වයක් ලබා දෙන බව මෙහිදි පැහැදිලි කළේය