පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රිකාව එළැඹෙන පෙබරවාරි මස 04 වැනිදා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
හෙතෙම සඳහන් කර සිටියේ, ගැසට් පත්‍රිකාව සැකසීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
සැත්කම් ඇතුළු විවිධ ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහල් විසින් විවිධ කරුණු ඉදිරිපත් කරමින් විශාල වශයෙන් මුදල් අයකිරීම හේතුවෙන් රෝගීන් දැඩිව අපහසුතාවට පත්ව ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බැවින් කඩිනමින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.