වෛද්‍යවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් පැවැතියත් ඇතැමි වෛද්‍යවරුන් එයට විරුද්ධව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
බේරුවලදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම ඉදිරියේදී පෞද්ගලික රෝහල් නියාමනය කරන බවත් එම රෝහල්වලින් සිදුවන අසාධාරණකම් සඳහා වෛද්‍යවරුන් හඩ නොනගන බවත් ඔහු සඳහන් කළේය.
"වෛද්‍ය වෘත්තිය ව්‍යාපාරයක් නොවෙයි. ඉදිරියේ දී පෞද්ගලික රෝහල් නියාමනය කරනවා. එම රෝහල් වලින් විවිධ මිල ගණන් යටතේ රෝගී සත්කාර සේවා සිදු කරනවා. ඇතැම් අයකිරීම් ජනතාවට දරා ගැනීමට අමාරුයි. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සයිටම් ගැටලු ගැන විතරක් අදහස් පළ කරනවා.
පෞද්ගලික රෝහල් වලින් ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබදව කථා කරන්නේ නැහැ. ඔවුන් ද එයට සම්බන්ධයි. වෛද්‍යවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් තිඛෙනවා. එම ආචාර ධර්ම ආරක්ෂා කළ යුතුයි. නමුත් ඇතැම් වෛද්‍යවරු ආචාර ධර්ම වලට විරුද්ධව කටයුතු කරනවා.”