පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට පියවර ගන්නා බවත් සියළුම ඖෂධ වර්ගවල මිල 2020 වනවිට අඩු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවේ සැසිවාරය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් පසු ඔසුසැල් හිමියන් මුහුණ දී ඇති ගැටළු අවම කිරිමට පියවර ගන්නා බවත් හෘද සැත්කම් සදහා භාවිත කරන ස්ටෙන්ස් මිල අඩු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවැසීය.