පසුගිය ආණ්ඩුව යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අධිවේගී මාර්ග බලපත්‍ර ලබාදීමේදී සිදුව ඇති දූෂණ වංචා, ටෙන්ඩර් අක්‍රමිකතා පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අද (11දා) පැමිණිලි කළේය.
අධිවේගී මාර්ගයේ බලපත්‍ර ලබාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා ගැන සඳහන් ලිපිගොනු කිහිපයක් රැගෙන ප්‍රවාහන අමාත්‍යාංශයට පැමිණි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු බස්හිමියන් පිරිසක් මෙම පැමිණිල්ල සිදුකළහ.