මහනුවර සිට වටපුලුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වටපුලුව මහ වංගුවේදි අද (30දා) පස්වරු 7.00 ට පමණ නිවසක් මතට පෙරළීමෙන් එහි සිටි මගින් 22 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව මහනුවර පොලීසිය පවසයි. තුවාල ලැබූවන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බස් රථය පෙරළුනු නිවසේ කිසිවෙකුටත් හානියක් වී නැත.
සී. රූපසිංහ