පෞද්ගලික බස් කර්මාන්තය තවත් වසරක්වත් පවත්වාගෙන යා නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්රකාශ කළේය.
බස් හිමියන් කර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින බවත්, ප්රවාහනයේ බලාපොරොත්තු වූ වෙනස තවම ඇති වී නොමැති බවත් සභාපතිවරයා පවසා සිටියේය.
කොළඹදී අද (11දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.
“ආණ්ඩුවක් පිහිටුවන්න ඍජුවම දායක වුණත් අපි මේ වනවිට අසරණ වෙලා තියෙනවා. ජනාධිපතිවරණයේදී මෛත්රීපාල සිරිසේන මහතාගේ ජයග්රහණය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කළා. ශ්රමය යෙදෙවුවා. ජීවිත අවදානමක් ගත්තා. නමුත් ප්රවාහනයේ අපි බලාපොරොත්තු වූ වෙනස තවම ඇති වී නැහැ" යැයි ඔහු ප්රකාශ කළේය.